කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකුට ශාරීරික වදහිංසා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක්


තුවාල ලැබූ සිසුවා දැඩි මානසික කම්පනයකට ලක්ව සිටින අතර ඔහුට පාසල් යාමට නොහැකිව සිටින බවද පැවසේ.

.

නොවැම්බරයේදී නාගසාකි ප්‍රාන්තයේ සසෙබෝ හි නාගරික පාසලක පළමු වසරේ පිරිමි ශිෂ්‍යයෙකු එම පාසලේම ඉහළ පන්තියේ අයෙකු ඔහුගේ ගුද මාර්ගයට පොම්පයක් ඇතුළු කිරීම නිසා තුවාල ලැබීය.  

ඒ අනුව නගර අධ්‍යාපන මණ්ඩලය විසින් නවක වදය වැලැක්වීමේ පනත යටතේ මේ පිලිබඳ විමර්ශනය කිරීම සඳහා තුන්වන පාර්ශ්ව විද්වත් කමිටුවක් පත් කරන ලදී.  

තුවාල ලැබූ සිසුවා දැඩි මානසික කම්පනයකට ලක්ව සිටින අතර ඔහුට පාසල් යාමට නොහැකිව සිටින බවද පැවසේ.

නගර අධ්‍යාපන මණ්ඩලයට අනුව අදාල ශිෂ්‍යයා නොවැම්බර් මස මැද භාගයේ දිවා ආහාර වේලාවේ ව්‍යායාම ශාලාවේ පුහුණු වෙමින් සිටි අතර දෙවන වසරේ පිරිමි සිසුන් කිහිප දෙනෙකු බිම ඉටි ඇඳීමට භාවිතා කරන පොම්පය ගුදය තුළට ඇතුළු කර තිබේ.

පසුව මෙම තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පාසල විසින් සියලුම සිසුන්,දෙමාපියන් සහ ගුරුවරුන් කැඳවා රැස්වීමක්ද පැවැත්වූ බව වාර්තා වේ.

101 Views

Comments