අනවසරයෙන් ජපන් මුහුදු සීමාවට ඇතුලු වූ යාත්‍රාවක් පොලිස් භාරයට


ධීවර මුර යාත්‍රාවක් එය නැවැත්වීමට අණ කලත් යාත්‍රාව මිනිත්තු 40ක් පමණ පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

.

ධීවර නියෝජිතායතනයේ Kyushu ධීවර සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ(11) නිවේදනය කළේ ධීවර ස්වෛරීත්ව පනත උල්ලංඝනය කළ බවට සැකපිට චීනයේ ලියාපදිංචි කොරල් යාත්‍රාවක ක්‍රියාකරු අත්අඩංගුවට ගත් බවයි.

නිවේදනයට අනුව 10 වැනිදා අලුයම 3.20 ට පමණ නාගසාකි ප්‍රාන්තයේ ගොටෝ නගරයේ දී අදාල යාත්‍රාව වෙරළට කිලෝමීටර් 19ක් පමණ බටහිරින් ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ යාත්‍රා කර තිබෙනවා.

පසුව ධීවර මුර යාත්‍රාවක් එය නැවැත්වීමට අණ කලත් යාත්‍රාව මිනිත්තු 40ක් පමණ පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේදී කොරල් නෞකාව ජලයෙන් යටවී ගිලී ගිය නමුත් කාර්ය මණ්ඩලය මුර සංචාරයේ යෙදෙන නෞකාවකට මාරු කර ඇති බැවින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

 

160 Views

Comments