දෘෂ්‍යාබාධිතයින් සඳහා වූ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියක් ප්‍රථම වරට පැවැත්වේ


එහිදී පිරිමි කි.ග්‍රෑම් 73 පන්තියේ ජයග්‍රහණය කළේ යුජිරෝ සෙටෝ විසිනි.

.

දෘෂ්‍යාබාධිතයින් සඳහා වූ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියක් වන "ටෝකියෝ ජාත්‍යන්තර විවෘත තරගාවලිය" ඊයේ(11) ටෝකියෝ නුවර කොඩොකාන් හිදී පැවැත්වුණි.

එහිදී පිරිමි කි.ග්‍රෑම් 73 පන්තියේ ජයග්‍රහණය කළේ යුජිරෝ සෙටෝ විසිනි.

සෙටෝ ක්‍රීඩකයින් සිව් දෙනෙකුගෙන් යුත් රවුන්ඩ් රොබින් ලීග් තරඟයකදී සතෝෂි ෆුජිමොටෝ පරාජය කළ අතර කසකස්තානය සහ දකුණු කොරියාව ද පරාජය කළේය.  

ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලෙන් පසු ජූඩෝ ක්‍රීඩාවේ ජාත්‍යන්තර වර්ගීකරණය වෙනස් කළේය.  

ඒ අනුව පිරිමි සහ ගැහැණු සම්පූර්ණයෙන්ම අන්ධ (J1) සහ අර්ධ වශයෙන් පෙනීම ඇති (J2) පන්ති දෙකකට බෙදා ඇති අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම බර පන්ති හතරකට වෙන් කරන ලදී.  

ජාත්‍යන්තර අන්ධ ක්‍රීඩා සම්මේලනයේ (IBSA) අනුග්‍රහය යටතේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය මගින් පැරා ඔලිම්පික් තරග නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙයි.

 

69 Views

Comments