ජපන් ළමුන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම් ඉහළට


චීනය සහ දකුණු කොරියාව මෙම ක්‍රීඩාවන් සඳහා දැඩි සීමාවන්ද පනවා තිබෙනවා.

.

"සුපර් මාරියෝ" සිට "ෆයිනල් ෆැන්ටසි" දක්වා ජපනුන් දිගු කලක් පරිගණක ක්‍රීඩාවල නියැලෙනවා.නමුත් සමහර ප්‍රවීණයන් සහ දෙමාපියන් බිය වන්නේ දරුවන් මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ගැටලුවක් දැන් දැන් මතුවීම හේතුවෙනුයි.

චීනය සහ දකුණු කොරියාව වැනි අවට රටවල් මෑත වසරවල මෙම ක්‍රීඩා සඳහා දැඩි සීමාවන්ද පනවා තිබෙනවා.

ජපානයේ ළමුන් දැන් ප්‍රාථමික පාසලේ මුල් අවදියේදීම වීඩියෝ ක්‍රීඩා කිරීමට පටන් ගන්නා අතර වසංගත සීමාවන් නිසා බොහෝ දෙනෙක් වැඩි කාලයක් ක්‍රීඩාවල නියැලෙන බවත් වාර්තා වේ

මෙම අපේ‍්‍රල් මාසයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමීක්ෂණයකින් පෙන්නුම් කළේ වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන්ගෙන් සියයට 17ක් දිනකට පැය හතරකට වඩා වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට වැය කරන බවයි.

 

104 Views

Comments