ජපානයේ සමලිංගික විවාහ යලි කරලියට


සමලිංගික විවාහ පිළිගැනීම ප්‍රතික්ෂේප කරන එකම G7 කණ්ඩායමේ රට ජපානයයි.

.

 ජපානයේ සමලිංගික විවාහ තහනම් කිරීමට එරෙහි වෙමින් පුද්ගලයන් පිරිසක් විසින් අධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පිරිස කියා සිටියේ සමලිංගික යුවලකට විවාහ සඳහා ඉඩ නොදීම පවතින නීති පද්ධතියට අනුව ඔවුන්ගේ මානව හිමිකම් කඩ කරන "ව්‍යවස්ථා විරෝධී තත්වයක්" බවයි.

2019 පෙබරවාරි මාසයේදී ගොනු කරන ලද නඩුවේදී සමලිංගික යුවල් ඇතුළු පැමිණිලිකරුවන් අට දෙනා කරුණු ඉදිරිපත් කළේ සමානාත්මතාවයේ අයිතිය සහතික කරන සහ විවාහ වීමේ නිදහස සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි.

නගෝයා දිසා අධිකරණය සහ ෆුකුඕකා දිසා අධිකරණය පිළිවෙළින් ලබන වසරේ මැයි සහ ජූනි මාසවල මෙම නඩුවට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

සමලිංගික විවාහ පිළිගැනීම ප්‍රතික්ෂේප කරන එකම G7 කණ්ඩායමේ රට ජපානය වන අතර 2019 දී සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ පළමු රට බවට තායිවානය පත් විය.

135 Views

Comments