උල්කා වර්ෂාවක් අද රාත්‍රියේ


එය හෙට පස්වරු 5.00 පමණ වනතුරු නිරීක්ෂණය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

.

ප්‍රධාන උල්කාපාත වර්ෂා තුනෙන් එකක් වන Geminid උල්කාපාත වර්ෂාව අද(14) රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා දැකගත හැක. 

මෙම වසරේ එය නිරීක්ෂණ සඳහා හොඳම කාලය වන්නේ අද රාත්‍රී 9:00 සිට හෙට(15) අලුයම 12:00 දක්වා වේ.

අහස පැහැදිලි නම් අද රාත්‍රී 8.00 ට පමණ උල්කාපාත දිස්වීමට පටන් ගන්නා අතර රාත්‍රී 10.00 පමණ වන විට පැයකට උල්කාපාත 40 ත් 45 ත් අතර ප්‍රමාණයක් දක්නට ලැබෙනු ඇතැයි අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

උල්කා වර්ෂාව හෙට පස්වරු 5.00 පමණ වනතුරු නිරීක්ෂණය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

138 Views

Comments