මහාචාර්යවරයෙකුගේ ඊමේල් ගිණුමක් අවභාවිතා වේ


මහාචාර්යවරයාගේ ගිණුමෙන් අසභ්‍ය වෙබ් අඩවි වෙත ඊමේල් 46ක් යවා තිබේ.

.

Kumamoto Prefectural විශ්වවිද්‍යාලය ඊයේ(13) නිවේදනය කළේ එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ ඊමේල් ගිණුම කිසියම් අයකු විසින් නීතිවිරෝධී ලෙස අවභාවිත කර ඇති බවයි.

 

ඒ අනුව ගිණුමෙහි තිබූ 5,288 දෙනෙකුගේ පුද්ගලික තොරතුරු විද්‍යුත් තැපැල් පද්ධතිය හරහා ලබාගන්නට ඇති බවද සැක කරන අතර පසුගිය 6 වන දින රාත්‍රී 11:30 සිට 7 වන දින සවස 4:30 දක්වා මහාචාර්යවරයාගේ ගිණුම මගින් ඊමේල් 46ක් අසභ්‍ය වෙබ් අඩෙවි වෙත යවා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම විශ්ව විද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ අගෝස්තු 30 වනදා සිට විදේශ රටවල් කිහිපයක් හරහා මහාචාර්යවරයාගේ ගිණුමට 1000 වතාවක් පමණ කිසියම් අයෙක් ඇතුල් වී ඇති බවයි. 

 

 

125 Views

Comments