පොලිස් සිර මැදිරියක් තුල පුද්ගලයෙක් මියයයි


පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු මියගිය පුවතක් අයිචි ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

.

අයිචි ප්‍රාන්තයේ පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් නිලධාරීන් විසින් ඔහුව දින 6ක කාලයක් මාංචු දමා ලණුවකින් බැඳ පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

 මියගිය පුද්ගලයා 43 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙක් වන අතර පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකපිට නොවැම්බර් මස අගදී අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරමින්, කෑගසමින් සහ ඔහුගේ ඇඳුම් ඉවත් කිරීමෙන් පසුව නිලධාරීන් විසින් ඔහු සිර මැදිරියට දමා තිබෙනවා.

දියවැඩියා රෝගයෙන් පෙළුණද ඔහුට වෛද්‍යවරයකු හමුවීමට පොලිස් ස්ථානය ඉඩ නොදුන් අතර ඔහුට බෙහෙත් නොදී සිටින්නට ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයාට නිලධාරීන් විසින් පහරදීමක් සිදු කළේද නැතහොත් කෲර ලෙස සැලකුවේද යන්න පිළිබඳව අයිචි පොලිසිය පරීක්ෂණ පවත්වයි.  

97 Views

Comments