ඇණවුම් වරද්දන tokyo අවන්හල


ඔබ යම්කිසි අවන්හලකට ගොස්  ඔබට අවශ්‍ය දේ ඇනවුම් කළ පසු ඊට හාත් පසම වෙනස්  දෙයක් ඇණවුම ලෙස ලැබෙන්නේ නම් එම අවස්ථ??

.

ඔබ යම්කිසි අවන්හලකට ගොස්  ඔබට අවශ්‍ය දේ ඇනවුම් කළ පසු ඊට හාත් පසම වෙනස්  දෙයක් ඇණවුම ලෙස ලැබෙන්නේ නම් එම අවස්ථාවේ ඔබගේ  ප්‍රතිචාරය   කෙසේ වේවිද?

නිසැකයෙන්ම බොහෝ දෙනාට එය නුරුස්නා කාරණයකි.

 

එහෙත් යම් හෙයකින් ඔබට  ඔබ ඇලුම් කරන දෙයට වඩා හාත්පස  වෙනස් දෙයක් ලැබෙන්නේ ඇයි  දැන දැනම යම් අවන්හලකට යෑමට අවශ්‍ය නම් ඊට සුදුසුම ස්ථානය  තෝකියෝ නුවර පිහිටා තිබේ . මෙම සිදුවීමට හේතුව එහි සේවය කරන සියලු දෙනාම ඩිමෙන්ශියා හෙවත් අමතකවීමේ  රෝගයෙන් පෙළෙන්නන් වීමයි.

 

ජපාන රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වන ශයිරෝ ඔගුනිගේ සංකල්පයක් අනුව විවෘතවුන 'The Restaurant of Order Mistakes' නම් මෙම අවන්හල ඩිමෙන්ෂියා රෝගීන් පිළිබඳව සමාජය ඇති දුර්මත ඉවත් කිරීමේ අරමුණින් ආරම්භ වූවකි .

 

මෙහි පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට ආහාර වශයෙන් ලැබෙන්නේ තමන් ඇණවුම් කළ දෙයට වඩා හාත්පස වෙනස් ආහාරයකි. විශ්මයට කරුණ නම් මෙම අත්දැකීම ලබාගැනීමට සිය ගණනක් ජනයා මෙම අවන්හලට දිනපතා ඇදී ඒමයි.

Comments