ජපන් රජයෙන් වෙරළාරක්ෂණයට යෙන් බිලියන 320ක්


ජනාවාස නොවූ දූපත් අවට මුහුදට චීන යාත්‍රා නැවත නැවතත් අනවසරයෙන් ඇතුළු වීම මෙයට හේතුවයි.

.

වෙරළාරක්ෂක බලකාය සඳහා වැය කරන මුදල 2027 වර්ෂය වන විට යෙන් බිලියන 320 දක්වා වැඩි කිරීමට ජපානය ඊයේ(16) තීරණය කළේය.

ජපානයට අයත් ජනාවාස නොවූ දූපත් අවට මුහුදට චීන යාත්‍රා නැවත නැවතත් අනවසරයෙන් ඇතුළු වන බැවින් වෙරළාරක්‍ෂක, පොලිසිය සහ ආත්මාරක්‍ෂක හමුදා අතර සම්බන්ධීකරණය තර කිරීමට මෙමගින් කටයුතු කිරීමට නියමිතයි.

මේ අනුව වෙරළාරක්ෂක බලකායට විශාල මුර යාත්‍රා හතරක් ලබාදීමට තීරණය කර ඇති බවද අගමැති කිෂිඩා පසුගියදා අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී පවසා ඇත.

 

106 Views

Comments