ගිෆු ප්‍රාන්තයේ Takayama නගරයේ නගරාධිපති Akira Tanaka විසින සිගරට් පානය කර ඉතිරිවන කොට කිහිපයක් ඔහුගේ නිවස ඉදිරිපිට කාණුවකට දමන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වී තිබුණා.
ඒ අනුව නගරාධිපතිවරයාගේ මෙම ක්‍රියාව පිලිබඳ ජනතාව සිය අප්‍රසාදය පල කර තිබුණා.
කෙසේවෙතත් ඊයේ(17) දින මාධ්‍යවේදීන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඔහු තමා වරද පිළිගන්නා බවත් දඬුවම් ලෙස තමාගේ වැටුප අඩු කරන ලෙස නගර සභාවට යෝජනා කරන බවත් කියා සිටියා.