සෑම ප්‍රාන්තයකම නව Green Lawson වෙළඳසැල් ඉදිකිරීමට සැලැස්මක්


Lawson හි සභාපති Sadanobu Takemasu විසින් Yomiuri Shimbun සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳ ප්‍රකාශ කර තිබේ.

.

2024 පෙබරවාරි වන විට සියලුම ප්‍රාන්තවල නව Green Lawson වෙළඳසැල් විවෘත කිරීමට සැලසුම් කරන බව Lawson හි සභාපති Sadanobu Takemasu විසින් Yomiuri Shimbun සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

Green Lawson සිය පළමු වෙළඳසැල පසුගිය නොවැම්බර් අගදී තෝකියෝ හි විවෘත කළේය. 

මෙම වෙළඳසැලෙහි විශේෂත්වය වන්නේ පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතා කරමින් වෙළඳ කටයුතු සිදුකිරීමයි.

එමෙන්ම මෙම වෙළඳසැලෙහි දිවා ආහාරවල නාස්තිය අවම කිරීමේ අරමුණින් ඇණවුම් ලැබීමෙන් පසු පමණක් ආහාර පිසිනු ලබයි. 

 

69 Views

Comments