අධික හිම පතනයෙන් ජන ජීවිතයට බාධා


ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දින 20ක පමණ කාලයක් සෙන්ටිමීටර 50ක් දක්වා හිම පතනයක් අපේක්ෂා කෙරේ.

.

ඊයේ(19) දින Tohoku සහ Hokuriku ප්‍රදේශවලින් දැඩි හිම පතනයක් වාර්තා විය.  

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නීගාටා ප්‍රාන්තයේ Uonuma නගරයට සෙන්ටිමීටර 96 ක් සහ ෆුකුෂිමා ප්‍රාන්තයේ Tadami නගරයට සෙන්ටිමීටර 79 ක හිම පතනයක් වැටී ඇත. 

යමගටා ප්‍රාන්තයේ ඔකුරා ගම්මානයේ සෙන්ටිමීටර 221 ක හිම පතනයක් ද අමෝරි නගරයේ සෙන්ටිමීටර 191 ක් සහ උනුමා නගරයේ සෙන්ටිමීටර 186 ක හිම පතනයක්ද නිරීක්ෂණය විය.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දින 20ක පමණ කාලයක් සෙන්ටිමීටර 50ක් දක්වා හිම පතනයක් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් අද(20) දිනෙන් පසු වායුගෝලීය පීඩන රටාව තාවකාලිකව ලිහිල් වන නමුත් උදෑසන දැඩි සීතල දිගටම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.  

151 Views

Comments