Tokaido Shinkansenහි විදුලිය ඇනහිටීමට හේතුව හෙළිවේ


කම්බි 2ක් ස්පර්ශ වීමෙන් මෙම විදුලිය ඇනහිටීම සිදු වී ඇත.

.

Tokaido Shinkansen දුම්රිය ස්ථානය පසුගිය 18 වනදා පස්වරුවේ සිට පැය හතරක පමණ කාලයක් දුම්රිය ධාවනය නතර කරනු ලැබුවා.

ඒ විදුලිය විසන්ධී වීමක් හේතුකොට ගෙනයි.

මේ අනුව දුම්රිය මැදිරි වලට විදුලිය සපයනු ලබන කම්බියක් කැඩී යාබද තවත් කම්බියක් සමඟ ස්පර්ශව වී මෙම විදුලිය ඇනහිටීම සිදුව ඇති බව ඊයේ(20) අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මෙම කම්බි පද්ධතිය 2016 නොවැම්බර් මාසයේදී සවි කර ඇති අතර මෙම වසරේ ජුනි මාසයේදී සිදු කරන ලද පිරික්සීමකදී කිසිදු අසාමාන්‍යතාවයක් හමු නොවූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

121 Views

Comments