උතුරු කොරියාවෙන් මත්ස්‍යයන් ආනයන කර වෙළඳාම් කල පිරිසක් කොටුවේ


උතුරු කොරියාවට එරෙහිව ජපාන රජය සම්බාධක පැනවීමෙන් පසු එරට සමඟ සියලු වෙළඳාම් තහනම් කර තිබේ.

.

ජපන් ජාතිකයන් පිරිසක් විසින් උතුරු කොරියාවෙන් මිරිදිය මත්ස්‍ය වර්ග ආනයනය කර අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව ජපාන පොලිසිය සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදී ඔවුන් යමගුචි, ඉබරාකි, සයිටාමා සහ ෆුකුඕකා ප්‍රාන්තවල සමාගම් සෝදිසි කළ අතර ඇතැම් සමාගම් වංචනික ලෙස ලේබල් කල උතුරු කොරියානු බෙල්ලන් විකුණා ඇති බවට හෙළි විය.

ඔවුන් මෙම බෙල්ලන් දේශීය නිෂ්පාදන හෝ රුසියාවෙන් ආනයනය කල බව පවසමින් ඒවා අලෙවි කර ඇත.

පසුගිය දිනවලදී උතුරු කොරියාවට එරෙහිව ජපාන රජය සම්බාධක පැනවීමෙන් පසු එරට සමඟ සියලු වෙළඳාම් තහනම් කර තිබේ.

100 Views

Comments