තම වෙළඳසැල අසාධාරණ ලෙස කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් නඩු මගට


කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය takoyaki සාප්පුවක් නගර සභාව විසින් මෙසේ කඩා ඉවත් කර තිබේ.

.

Yamagata ප්‍රාන්තයට අයත් Yamanobe Onsen විනෝද මධ්‍යස්ථානයේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය takoyaki සාප්පුවක් නගර සභාව විසින් අසාධාරණ ලෙස කඩා ඉවත් කර තිබේ.

මේ හේතුවෙන් අදාල කාන්තාව යෙන් මිලියන 4.56 ක වන්දියක් ඉල්ලා යමගතා දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත. 

නඩුවට අනුව එම කාන්තාව 2007 වසරේ සිට එම වාහන නැවැත්වීමේ ස්ථානයේ ටකෝයාකි සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර 2020 මාර්තු මාසයේදී වෙළඳසැලට පැමිණි නගර නිලධාරීන් දෙදෙනෙකු විසින් ඇයට බැණ වැදී වෙළඳසැල ඉවත් කිරීමේ ගිවිසුමක්ට බලහත්කාරයෙන් අත්සන් කරවාගෙන තිබේ.

පසුව ඇය එය අවලංගු කරන ලෙස නගර සභාවෙන් ඉල්ලා සිටි නමුත් නගර සභාව එයට එකඟ නොවූ බවයි ඇය අධිකරණය හමුවේ පවසා සිටියේ.

92 Views

Comments