බාල වයස්කරුවන්ට මත්පැන් පානයට බල කල ස්කූබා කිමිදුම් සමාජයක් තහනම් කෙරේ


එය ඕසකා විශ්ව විද්‍යාලය විසින් නිල වශයෙන් පිළිගත් ස්කූබා කිමිදුම් සමාජයකි.

.

ඕසකා විශ්ව විද්‍යාලය විසින් නිල වශයෙන් පිළිගත් ස්කූබා කිමිදුම් සමාජයක් වයස අවුරුදු 20 ට අඩු සාමාජිකයින් 10 දෙනෙකුට පමණ මත්පැන් පානය කිරීමට බල කළ බව අගෝස්තු මාසයේදී අනාවරණය විය.  

ජපානයේ වැඩිහිටි විය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18න් පසු නමුත් මත්පැන් පානය කිරීමට බලතල හිමිවන්නේ වයස අවුරුදු 20න් පසුවයි.

මේ අනුව ඕසකා විශ්ව විද්‍යාලය පසුගිය නොවැම්බර් මාසයේදී දින නියමයක් නොමැතිව අදාල සමාජය තහනම් කරන ලදී.

103 Views

Comments