වයෝවෘද්ධ කතකට උපකාර කල සිසුන් දෙදෙනෙකුට ඇගයීමක්


නොවැම්බර් 30 වන දින Kurume පොලිස් ස්ථානයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්වුණි.

.

Fukuoka ප්‍රාන්ත පොලිසියේ Kirume පොලිස් ස්ථානය විසින් 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට රෝහලක ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අගය කිරීමේ ලිපි යවන ලදී.

නොවැම්බර් 30 වන දින Kurume පොලිස් ස්ථානයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්වුණු අතර එහි ප්‍රධානී Masaharu Kuroki ඔබගේ ධනාත්මක සහ ධෛර්ය සම්පන්න ක්‍රියාව කාන්තාවගේ ජීවිතය බේරා ගත් බව පවසමින් සිසුන් දෙදෙනාට ප්‍රශංසා කළේය.  

පසුගිය දිනක සිසුන් දෙදෙනා තම මව සමඟ සාප්පු සවාරි ගොස් රාත්‍රී 7.00 ට පමණ නිවස බලා යමින් සිටියදී අදාල කාන්තාව කොට්ටයක් අතැතිව පාර දිගේ ඇවිදිමින් සිටියදී හමු විය.  සිසුන් දෙදෙනා වහාම තම මෝටර් රථයෙන් බැස මේ බව පොලිසියට දන්වා කාන්තාවට කෑමට පාන් සහ වෙනත් ද්‍රව්‍ය මිල දී ගෙන පොලිසිය පැමිණෙන තෙක් කාන්තාව අසලම සිට ඇත.

 

117 Views

Comments