"නමාහගේ" යක්කු..


සාම්ප්‍රදායිකව පැවත එන යක් වෙස් මුහුණු නර්තනාංගයක් සහ පූජා..

.

සාම්ප්‍රදායිකව පැවත එන යක් වෙස් මුහුණු නර්තනාංගයක් සහ පූජා ක්‍රමවේදයක් ගැන උතුරුදිග ජපානයේ අකිටා ප්‍රාන්තයෙන් අසන්නට ලැබේ.

ඡායාරූප ගවේෂණ මාධ්‍යවේදී Satoshi Takahashi විසින් සිදුකරන ලද පූර්ණ ගවේෂණාත්මක අධ්‍යයනයකදී හෙළිවූයේ මෙම යක් නැටුම මෙම ප්‍රදේශයට ආවේණික වූවක් බවත් අස්වනු වැඩි කර ගැනීම සහ රෝග දුරු කර සෞභාග්‍යය උදාකර ගැනීම පිණිස ශාන්ති කර්මයක් ලෙස මෙම නර්තනය සිදුකරන බවයි. හිම වැටෙන කාලයේදී සවස් යාමයේ පටන් ගන්නා මේ යාගය රාත්‍රිය තෙක් පැවැත්වේ. ලංකාවේ ගරා යක් නැටුම සහ දහඅට සන්නිය ශාන්ති කර්මය සිහිගන්වන මෙම අංගය වඩා කලාත්මක සහ වෛවර්ණ වූවක් බව පැවසේ. 

244 Views

Comments