ජපාන අගමැති කිෂිඩා ලබන වසරේ ජනවාරි මුල් භාගයේදී බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඉතාලියේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.
ලබන වසරේ මැයි මාසයේදී හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට පෙර එහි සාමාජික රටවල් තුනේ නායකයන් සමඟ සහයෝගීතාව තහවුරු කර ගැනීමට සහ යුක්රේනයේ තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ඔහු මෙමගින් අපේක්ෂා කෙරේ.
ඒ අනුව ජනවාරි 8 වෙනිදාට ආසන්න දිනයකදී ඔහු එම සංචාරය ආරම්භ කරන බවට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් තහවුරු කරන ලදී.