පාසල් සිසුන් සඳහා බේස්බෝල් තරඟයක් ලබන මාර්තුවේදී


සිසුන් 11,000ක් මෙම බේස්බෝල් තරඟයට සහභාගි වීමට නියමිතයි.

.

තෝකියෝ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන මණ්ඩලය ඊයේ(23) නිවේදනය කළේ තෝකියෝවේ ප්‍රාථමික, කනිෂ්ඨ උසස් හා උසස් පාසල් 115කින් සහ විශේෂ උපකාරක පාසල් 115කින් සිසුන් 11,000ක් ලබන මාර්තු මාසයේදී තෝකියෝ ඩෝම් හිදී පැවැත්වෙන බේස්බෝල් තරඟයට සහභාගි වන බවයි.  

ඒ අනුව ලබන වසරේ මාර්තු 9 සිට 13 දක්වා තෝකියෝ ඩෝම් හිදී පැවැත්වෙන පළමු වටයේදී විදේශීය කණ්ඩායම්ද එකිනෙකා සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් තෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ ඊයේ(23) ප්‍රකාශ කළේ දරුවන් ක්‍රීඩාවෙන් විනෝද වනු දැකීම තම අභිප්‍රාය බවයි.

112 Views

Comments