නාගරික ප්‍රාථමික පාසලක හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි ළමයෙකු මානසික පීඩනය හේතුවෙන් මේ වසරේ මැයි මාසයේ සිට පාසලට නොපැමිණි බව Osaka ප්‍රාන්තයේ Higashiosaka නගර අධ්‍යාපන මණ්ඩලය පසුගිය 23 වනදා නිවේදනය කළේය.
මේ වසරේ අප්‍රේල් මාසයේදී වෙනත් ළමයෙකු පන්තියේදී "හරියට කතා කරන්න" යනුවෙන් දරුවාට පවසා ඇති අතර ප්‍රාථමික පාසලේ හතරවන ශ්‍රේණියේ සිටම "ජපන් භාෂාව කතා කරන්න" යැයි කීම වැනි හිංසනයන්ට අදාල දරුවා ලක් වූ බවට වාර්තා වේ.
ඒ අනුව නගර අධ්‍යාපන මණ්ඩලය මෙම ගැටළුව හඳුනාගෙන ඇති අතර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කටයුතු කරයි.