Misugidaiහි ත්‍රිත්ව ඝාතකයා කොටුවේ


ඔහු 40 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

ඊයේ(25) පෙරවරු 7.15ට පමණ Saitama ප්‍රාන්තයේ හැනෝ නගරයේ Misugidai ප්‍රදේශයේ නිවසක අඹු සැමි යුවලක් හා ඔවුන්ගේ දියණිය ඝාතනය කර පලා ගිය බවට සැක කෙරෙන 40 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිටියක් වැනි යමක් රැගෙන පුද්ගලයෙකු එම ස්ථානයෙන් පළා යන අයුරු අසල්වාසියෙකු දැක ඇති අතර ප්‍රාන්ත පොලිසිය විසින් සීසීටීවී දර්ශනද උපයෝගී කර ගනිමින් ඔහු සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා තද පැහැති ඇඳුම් සහ කළු පැහැති වෙස් මුහුණක් පැළඳ උරහිසේ බෑගයක් ද රැගෙන සිට ඇති බව අදාල දර්ශනවල දැක්වුණි.

80 Views

Comments