Sumitomo Pharma Animal Health සමාගම Mitsui & Co යටතට


Sumitomo Pharma Animal Health සමාගම Sumitomo Pharma යටතේ පශු ඖෂධ නිෂ්පාදනය කර අලෙවි කරයි.

.

Sumitomo Pharma යටතේ පශු ඖෂධ නිෂ්පාදනය කර අලෙවි කරන Sumitomo Pharma Animal Health සමාගම සිය සමාගම යටතට ගන්නා බව Mitsui Co. ඊයේ(26) නිවේදනය කළේය.  

ඒ අනුව ලබන වසරේ ජූනි මාසය වන විට Sumitomo Pharma Animal Health සියලුම කොටස් ඔවුන් අත්පත් කර ගන්නා අතර සමාගම සම්පූර්ණයෙන්ම අනුබද්ධිත ආයතනයක් බවට පත්වනු ඇත.  

කෙසේවෙතත් මෙම කොටස්වල ගැනුම් මිල හෙළි කර නොමැති  නමුත් එය යෙන් බිලියන 10 කට වඩා වැඩි වනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම අත්පත් කර ගැනීම හරහා  Mitsui Co සමාගම ගෝලීය වශයෙන් සිය පශු ඖෂධ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට අරමුණු කරයි.

85 Views

Comments