ඊසානදිග ජපානයේ වෙසෙන තිස්හත් හැවිරිදි Akari Tanaka නම් සුනඛ පුහුණු කරන්නියක් විසින් තම සුනඛයන්ගේ මලපහ බැහැර කිරීමට ඔවුන්ගේ අයිතිකරුවන්ට පහසුවන පරිදි poop post ස්ථාපනය කර තිබේ.
මෙම කණු 90cm උස සහ 50 cm පළල වන අතර එහි සුනඛ මලපහ එකතු කළ හැකි පරිදි ප්ලාස්ටික් බෑග් ද රඳවා තිබේ. බොහෝවිට තම සුරතලුන් හා ගමන් බිමන් යාමේදී ඔවුන්ගේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට නොහැකිව අපහසුතාවයට පත්වන පුද්ගලයන් සේම අපද්‍රව්‍ය තැන තැන තැබීම නිසා එම ස්ථාන වලට පිවිසෙන අනෙකුත් පුද්ගලයන් අපහසුතාවට පත්වෙන අවස්ථා බහුලය. දෙපිරිසටම මෙලෙස අපහසුතාවයට පත් නොවී පරිසරය ද පිරිසුදුව තබාගනිමින් කටයුතු කිරීමට විසඳුමක් ලෙස ඇය මෙම කුළුණු හඳුන්වා දී ඇත.