සියදිවි හානි කරගැනීමට තැත් කල අයෙක් අත්අඩංගුවට


ඔහු 50 හැවිරිදි සමාගම් සේවකයෙකි.

.

ඕසකා ප්‍රාන්තයේ ටොයොනාකා හි පොලිසිය විසින් 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සියදිවි හානි කරගැනීමට උත්සාහ කිරීම හේතුවෙනුයි.

සමාගමේ සේවකයෙකු වන මෙම පුද්ගලයා දෙසැම්බර් 20 වන දින අලුයම 1:20 ට පමණ වීදියක් දිගේ ඇවිදිමින් සිටන අතරතුර යම්කිසි පුද්ගලයෙකු තමාගේ පිටුපසින් පැමිණ පිහියෙන් ඇන ඇති බව පොලිසියට පවසා ඇත.

කෙසේ වෙතත් එම මාර්ගයේ ඇති නිරීක්ෂණ කැමරා දර්ශනවලින් කිසිවෙකුත් එම පුද්ගලයා වෙත ළඟා වූ බවක් නොපෙන්වයි.

දැනට රෝහල්ගතව සිටින මෙම පුද්ගලයා පොලිසිය විසින් කල ප්‍රශ්න කිරීමේදී තමාට පිහියෙන් ඇනගත් බව පාපොච්චාරණය කර ඇත.  

 

105 Views

Comments