ජපානයේ පළමු වරට අක්මාව සහ කුඩා අන්ත්‍රය බද්ධ කිරීමක් සිදුකෙරේ


මොළය මිය ගිය පරිත්‍යාගශීලියෙකු විසින් මෙම අවයව පරිත්‍යාග කරන ලදී.

.

කුඩා අන්ත්‍රයට බරපතල හානි වූ වයස අවුරුදු 10 ට අඩු දැරියකට අක්මාව සහ කුඩා අන්ත්‍රය එකවර බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකල බව කියෝතෝ විශ්වවිද්‍යාල රෝහල ඊයේ(28) නිවේදනය කළේය.

මෙය ජපානයේ පළමු අක්මා සහ කුඩා අන්ත්‍ර බද්ධය බවද වාර්තා වේ.

මොළය මිය ගිය පරිත්‍යාගශීලියෙකු විසින් මෙම අවයව පරිත්‍යාග කර ඇත.

ජපානයේ බොහෝ රෝගීන් මොළය මිය ගිය පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග බලාපොරොත්තුවෙන් සිටින බැවින් එකම රෝගියෙකුට කුඩා අන්ත්‍රය සහ අක්මාව යන දෙකම එකවර ලබා ගත් ප්‍රථම අවස්ථාවද මෙයයි.

172 Views

Comments