තමා සමඟ එක නිවසේ ජීවත් වූ මිතුරාව නාන තටාකයේ ගිල්වා ඝාතනය කළ බවට සැකපිට 62 හැවිරිදි පුද්ගලයෙකු තෝකියෝ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් 22 වන දින Ota Ward හි මහල් නිවාසයකදී මෙම ඝාතනය සිදුව ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා එදින අලුයම අධික ලෙස මත්පැන් පානය කර රණ්ඩු වීමට පටන් ගෙන තිබේ. ඉන් කෝපයට පත් සැකකරු මිතුරාගේ බීමට නිදි පෙති දමා ඔහුට නිදිමත ඇති වූ විට නාන කාමරයට ඇදගෙන ගොස් හිස වතුර බාල්දියක ඔබා ඝාතනය සිදුකර තිබේ.