ගුරුවරුන්ගේ තාඩන පීඩන හමුවේ අස් වූ හෙද සිසුන්


පළමු වසරේ සිසුන් 40 දෙනාගෙන් 15 දෙනෙක් ස්වේච්ඡාවෙන් ඉවත් වී ඇත. 

.

Chiba ප්‍රාන්තයේ Kisarazu නගරයේ Kisarazu හෙද පාසලේ පළමු වසරේ සිසුන් 40 දෙනාගෙන් 15 දෙනෙක් ස්වේච්ඡාවෙන් ඉවත් වී තිබේ.

ඒ ගුරුවරුන්ගේ තාඩන පීඩන ඉවසා ගැනීමට නොහැකිවයි.

මේ හේතුවෙන් පාසල පවත්වාගෙන යන Kimitsu Kisarazu වෛද්‍ය සංගමය විසින් පිහිටුවන ලද තුන්වන පාර්ශ්ව කමිටුවක් විසින් මේ පිළිබඳ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.  

ඒ අනුව එහි විදුහල්පති Toshikuni Shigeki සමාව අයැද සිටි අතර  මේ මස අවසන් වන විට ඉල්ලා අස්වන බවද නිවේදනය කළේය.

77 Views

Comments