උතුරු කොරියාව විසින් සිදු කරමින් පවතින අන්තර්ජාල මූල්‍ය වංචා දිගින් දිගටම තවදුරටත් සිදුකිරීම මේ වනවිට සමස්ත ලෝක ප්‍රජාවටම තර්ජනයක් වී තිබේ.
ලොව වටා මූල්‍ය ආයතන වලට අයත් අන්තර්ජාල පද්ධති, ක්‍රිප්ටෝ කරන්සි සහ පෞද්ගලික මූල්‍ය පද්ධති සිය හැකර් කරුවන් යොදා ගනිමින් උතුරු කොරියාව මෙම වංචාව කරන බව හෙලිදරව් වී තිබේ. ඔවුන් විසින් සිදු කරනු ලබන මිසයිල අත්හදා බැලීම් සියල්ලටම මූල්‍ය ශක්තිය ලබා ගන්නෙ මෙම සොරකම් මගින් බව සොයාගෙන තිබේ.