හිමෙන් වැසී ගිය Sapporo..


උතුරු ජපානයට මේ දිනවල පතිත වන අධික හිම පතනය නිසා..

.

උතුරු ජපානයට මේ දිනවල පතිත වන අධික හිම පතනය නිසා Hokkaido ප්‍රාන්තයේ  Sapporo නගරය සෙන්ටිමිටර 60ක් පමණ වන ඉතා ඝනකම හිම තට්ටුවකින් වැසී ගොස් ඇතැයි වාර්තා වේ.

නගරයට ඇතුළුවන සහ පිටවන මහා මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල මේ වන විට අවහිර වී ඇති අතර, ප්‍රාන්ත රජය විසින් හිම ඉවත් කිරීමේ වාහන යොදා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. අද පෙබරවාරි 7 වන දින සවස් වනවිට හිම පතනය සෙන්ටි මීටර් 100 දක්වා වැඩි වී තිබූ අතර එය වසර අටකට පසු වාර්තා වූ ඉහළම හිම පතනය වේ.

150 Views

Comments