මාරක රිය අනතුර


ඊයේ(02) රාත්‍රී 8:10 ට මෙම අනතුර සිදුව ඇත.

.

ඊයේ(02) රාත්‍රී 8:10 ට පමණ ෆුකුෂිමා ප්‍රාන්තයේ කොරියාමා සිටිහි ඔහිරා-චෝහි මෝටර් රථ 2ක් එකිනෙක ගැටීමෙන් එක් මෝටර් රථයක් පෙරළී ගිනිගෙන තිබේ.  

විනාඩි 30කට පමණ පසු ගින්න නිවා දැමුවද මෝටර් රථය තුළ තිබී පුද්ගලයන් සිව් දෙනෙකුගේ සිරුරු සොයා ගැනුණි.

මේ අනුව අනෙක් මෝටර් රථයේ රියදුරු කොරියාමා පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ නොසැලකිලිමත් ලෙස රිය පැදවීමෙන් මරණයක් සිදුකිරීමේ චෝදනාව මතයි. 

117 Views

Comments