"පෙර වැරැදි" නිවැරදි කෙරේ...


පෙර ඇමරිකානු ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන කාලය තුළදී...

.

පෙර ඇමරිකානු ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන කාලය තුළදී පනවන ලද ලෝහ ආනයන සම්බන්ධ බදු සහ වෙළඳ ප්‍රතිපත්ති නිසා ජපාන ලෝහ අපනයනය විශාල වශයෙන් අවම වී තිබුණි.

ජපානයේ  ප්‍රධාන ලෝහ ගැනුම්කරුවා වන ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම තීන්දුව ගැනීමත් සමගම ජපාන ලෝහ අපනයන සමාගම් වල ලාභාංශ සහ කොටස් වෙළඳ දර්ශක ඉතා ශීඝ්‍රයෙන් පහත වැටී තිබුණි. කෙසේ වෙතත් නව ඇමරිකානු පරිපාලනය යටතේ ජපාන හිතවාදී ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියා කරන වෙළඳ ප්‍රතිපත්තිය නිසා, ජපාන ලෝහ ආනයනයට පනවා තිබූ බදු සහ අනෙකුත් සම්බාධක ඉවත් කර පෙර පරිදි ඇණවුම් සකස් කිරීමට ක්‍රියා කරන බව ක්‍රියා කරන බව සැලවේ. මේ සම්බන්ධ මූලික සාකච්ඡා පසුගිය කාල වකවානුවේ දී ආරම්භ කරන ලද අතර මේ වන විට ඇමරිකානු වෙලඳ අමාත්‍යාංශය විසින් මෙම පියවරවල් ක්‍රියාත්මක කිරීමට යන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

131 Views

Comments