මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී 4ක් මරුට


පෙරේදා(02) රාත්‍රී 8:10 ට පමණ ඔහිරා-චෝ කොරියාමා සිටි ෆුකුෂිමා ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇත.

.

පෙරේදා(02) රාත්‍රී 8:10 ට පමණ ඔහිරා-චෝ කොරියාමා සිටි ෆුකුෂිමා ප්‍රාන්තයේ මෝටර් රථ 2ක් එකිනෙක ගැටී සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථ මුහුණට මුහුණ ගැටීමෙන් පසු එක් මෝටර් රථයක් පෙරළී ගිනිගෙන තිබේ.  මිනිත්තු 30 කට පමණ පසු ගින්න නිවා දමා ඇතත් ඒ තුළ තිබී නාඳුනන මළ සිරුරු හතරක් සොයා ගන්නා ලදී.

ගින්නෙන් සිරුරුවලට දැඩි හානි සිදුව ඇති අතර මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව කොරියාම පොලිස් ස්ථානය විසින් මේ වනවිට තහවුරු කරමින් සිටියි.

 

123 Views

Comments