අද(04) Mie ප්‍රාන්තයේ Ise City හි පැවති මාධ්‍ය හමුවකට අගමැති Kishida සහභාගී විය.
මේ මස 9 වැනිදා සිට ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය, කැනඩාව සහ එක්සත් ජනපදය යන රටවල සංචාරය කරන බව එතුමා එහිදී නිවේදනය කළේය.
ඒ අනුව අගමැතිවරයා 13 වනදා වොෂින්ටනයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමටද නියමිත අතර එමගින් "ජපාන-එක්සත් ජනපද සන්ධානය දේශීයව සහ ජාත්‍යන්තරව තවදුරටත් ශක්තිමත් කිරීමට තමා බලාපොරොත්තු වන බවද එතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.