මේ මාසයේ සිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයෙකු බවට පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජපාන තානාපති කිමිහිරෝ ඉෂිකානේ ඊයේ(03) දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
යුක්රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණය වැනි අභියෝග හමුවේ සාමය ගොඩනැගීමේ ප්රයත්නයන් යලි පණ ගැන්වීමට තමන් අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු මෙහිදී පැවසීය.
එමෙන්ම උතුරු කොරියාව නැවත නැවතත් මිසයිල එල්ල කිරීම පිළිබඳවද ඔහු සිය කනස්සල්ල පල කළේය.
මෙම මාධ්‍ය හමුවට පෙර ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයින් 10 දෙනාගෙන් පස් දෙනෙකුගේ ජාතික ධජ එසවීමේ උත්සවයක් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපිට පැවැත්විණි. එම රටවල් පහ නම් ජපානය, ස්විට්සර්ලන්තය, මෝල්ටාව, ඉක්වදෝරය සහ මොසැම්බික් ය. ජපානය මෙලෙස ආරක්ෂක කවුන්සිලයට එක්වන්නේ 12 වැනි වරටයි.