මවකට හා හය හැවිරිදි පුතාට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට


මහ මග ගමන් ගනිමින් සිටි තිස් එක් හැවිරිදි මවකට හා හය හැවිරිදි දරුවෙකුට පහර දුන් රැකියා විරහිත තිස් එක් හැවිරි

.

මහ මග ගමන් ගනිමින් සිටි තිස් එක් හැවිරිදි මවකට හා හය හැවිරිදි දරුවෙකුට පහර දුන් රැකියා විරහිත තිස් එක් හැවිරිදි පුද්ගලයෙකු Chiba ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මව හා දරුවා මහමග ගමන් ගනිමින් සිටියදී පසුපසින් වේගයෙන් පැමිණි මෙම පුද්ගලයා ඔවුන් දෙදෙනාට පැත්තකට වෙන්නේ ඇයි පවසා කාන්තාවන්ගේ හිසට සහ දරුවාට පා පහරක් එල්ල කර ඇත. එම පහරෙන් ඔවුන් සීරීම් තුවාල වලට ලක්ව ඇති නමුත් තදබල තුවාල නොමැති බව පොලිසිය වාර්තා කර ඇත.

 

මෙම සිදුවීමෙන් පැය එකහමාරකට පමණ පසු අදාල පුද්ගලයා පොලිසියට භාර වී ඇත.පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු මානසික ව්‍යාධි තත්ත්වයක් සඳහා පෙර ප්‍රතිකාර ලබාගත් පුද්ගලයෙකි.

 

 

166 Views

Comments