මුහුණු ආවරණයක් නොපැළඳීම හේතුවෙන් පුද්ගලයෙකු සේවයෙන් පහ කෙරේ


ඔහු 40 හැවිරිදි කොන්ත්‍රාත් සේවකයෙකි.

.

කිංකි ප්‍රදේශයේ වෙසෙන කොන්ත්‍රාත් සේවකයෙකු වූ 40 හැවිරිදි පුද්ගලයෙක් පැවසුවේ ඔහු රැකියාවේදී මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු සේවයෙන් පහ කළ බවයි.  

මෙම පුද්ගලයා 2015 ඔක්තෝම්බර් මාසයේ සිට ඕසකා හි ඇමතුම් මධ්‍යස්ථානයක සේවය කළේය.  

ඔහුට නිදන්ගත ඇටොපික් ඩර්මැටිටිස් රෝගයක් ඇති අතර කොරෝනා වෛරසය පැතිරීමෙන් පසුව පවා ඔහු මුහුණු ආවරණයක් පැළඳ නොසිට වැඩ කර තිබේ.

කෙසේ නමුත් පසුව සෞඛ්‍ය නීති කඩ කිරීම හේතුවෙන් බලධාරීන් විසින් ඔහුව සේවයෙන් ඉවත් කර ඇත.

මීට අදාල නඩුව ඕසකා දිසා අධිකරණයේදී පසුගිය දෙසැම්බර් 26 දින විභාගයට ගැනුණු අතර එහිදී ඔහුට වන්දි මුදලක් ගෙවන්නැයි අධිකරණය විසින් සමාගමට නියෝග කළේය.

 

107 Views

Comments