lecanemab ඖෂධය සඳහා එකසත් ජනපදයේ අනුමැතිය


එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) මේ බව ඊයේ(07) නිවේදනය කළේය.

.

ජපානයේ ප්‍රධාන ඖෂධ සමාගමක් වන Eisai සහ එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන Biogen එක්ව නිපදවන ලද ඇල්සයිමර් රෝගය සඳහා වන lecanemab නම් ඖෂධය සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) කඩිනම් අනුමැතිය ලබා දී ඇති බව ඊයේ(07) නිවේදනය කළේය. 

මේ අනුව සමාගම විසින් හැකි ඉක්මනින් ජපානයටද අයදුම්පතක් ගොනු කිරීමට සැලසුම් කර ඇති අතර වසර අවසන් වන විට අනුමැතිය ලබා ගැනීමට ඉලක්ක කර ඇත.

කඩිනම් අනුමැතිය ලැබීමෙන් පසු Eisai ප්‍රධාන විධායක නිලධාරී Haruo Naito තෝකියෝ හි මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔවුන් අවසන් අදියරේ පරීක්ෂණ ප්‍රතිඵල FDA වෙත ඉදිරිපත් කර විධිමත් අනුමැතිය සඳහා ඉල්ලුම් කළ බව පැහැදිලි කළේය.  

මේ අනුව එක්සත් ජනපදයේ lecanemab අලෙවිය 23 වනදා වන විට ආරම්භ වනු ඇත.

 

112 Views

Comments