Rakuten Credit Card ඉල්ලුම් කරන්නේ සහ භාවිතා කරන්නේ කෙසේද?


Rakuten Credit Card ජපානය තුළ වාසය කරන විදේශිකයන් අතර ප්‍රචලිතම ණය කාඩ් පතකි. මෙය ඉල්ලුම් කිරීමේදී සීමා

.

Rakuten Credit Card ජපානය තුළ වාසය කරන විදේශිකයන් අතර ප්‍රචලිතම ණය කාඩ් පතකි. මෙය ඉල්ලුම් කිරීමේදී සීමා කිරීම් කිහිපයක් තිබෙන නමුත්  ජපාන නොවන  වාසීන්ට සහ විදේශීය සිසුවන්ට මෙය පහසුවෙන් ලබාගත හැක.

 

මේ සඳහා ඉල්ලූම් පත මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගත හැකි අතර එහි ඉල්ලුම් කරන පුද්ගලයා පිළිබඳ මූලික තොරතුරු කිහිපයක්  විමසයි.

 

මේ ඉල්ලුම් කිරීමේ ක්‍රියාදාමය  ඉතා පහසු වන අතර වාර්ෂික ගාස්තු නැත. මීට අමතරව තව වාසි කිහිපයක් ද  මෙම ණය කාඩ්පත භාවිතයෙන් ලබාගත හැක.

 

1.  මේ භාවිතයේදී ලකුණු ලබා ගත හැකි අතර සෑම යෙන් 100ක මිලදී ගැනීමකට ම එක් ලකුණක් බැගින් හිමිවේ. එම එක් ලකුණක්  යෙන් එකකට සමාන වන අතර එම ලකුණු නැවතත් එම කාඩ්පත් හරහා මිලදී ගැනීම් වලදී භාවිතා කළ හැක.

 

2. විදුලි බිල්පත් , ජල බිල්පත් ගෙවීමේ දී ද ලකුණු රැස් කර ගත හැක

 

3. විදේශ රටකදී ATM යන්ත්‍ර භාවිතයෙන් මුදල් ලබා ගැනීමට ද එම කාඩ්පත භාවිතා කළ හැක .

Comments