ස්වර්ණාභරණ වෙළඳසැලක් කඩා භාණ්ඩ සොරකම් කල තිදෙනෙක් සොයා මෙහෙයුම්


මොවුන් සුඛෝපභෝගී ඔරලෝසු 20 ක් සොරකම් කර පලා ගොස් ඇත.

.

ඊයේ(09) සවස 6.45 ට පමණ චිබා ප්‍රාන්තයේ ඉචිකාවා නගරයේ හිගාෂි ඕවාඩා හි පිහිටි උකස් වෙළඳසැලකට කඩා වැදුණු පුද්ගලයන් තිදෙනෙකු සුඛෝපභෝගී ඔරලෝසු 20 ක් සොරකම් කර පලා ගොස් ඇත. 

ගනුදෙනුකරුවන් මුවාවෙන් වෙළෙඳසැලට පැමිණි තිදෙනා මිටියක් වැනි දෙයකින් ප්‍රදර්ශන වීදුරුව කඩා එහි තිබූ ඔරලෝසුව රැගෙන ගොස් තිබේ

මිනිසුන් තිදෙනා මීටර් 1.7 ක් පමණ උස වූ අතර කළු ඇඳුම් සහ සුදු වෙස් මුහුණු පැළඳ සිට ඇති බව වාර්තා වේ.

ඉචිකාව පොලිස් ස්ථානය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

163 Views

Comments