පොලිස් අණ නොතකා රිය ධාවනය කල දැරියක් අත්අඩංගුවට


ඇය යනායි නගරයේ පදිංචි 15 හැවිරිදි දැරියකි.

.

Yamaguchi ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව විසින් මාර්ග රථවාහන පනත උල්ලංඝනය කළ බවට සැකපිට යනායි නගරයේ 15 හැවිරිදි දැරියක් අත්අඩංගුවට ගන්නා ලදී.  

අදාල දැරිය පෙරේදා(08) අලුයම 1.35 ට පමණ Minamimachi 2 හි මාර්ගයක රතු එළිය නොතකා මෝටර් රථයක් පදවාගෙන ගොස් ඇති අතර ඇය දුටු පොලිස් නිලධාරීන් මෝටර් රථය නවත්වන ලෙස පැවසූ නමුත් දැරිය පලාගොස් ඇත.

කෙසේවෙතත් වයස අවුරුදු 18 ට අඩු තවත් පිරිමින් සහ කාන්තාවන් තිදෙනෙකු ද මෝටර් රථයේ සිට ඇති බව වාර්තා වේ.

88 Views

Comments