ව්‍යාජ ලේඛන සකස් කළ බවට සැකපිට චිබා ප්‍රාන්ත පොලිසිය විසින් චිබා ප්‍රාන්තයේ Oamishirasato නගරයේ 53 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
2018 ඔක්තෝබර් 1 සිට 2020 නොවැම්බර් 27 දක්වා මෙම පුද්ගලයා Oamishirasato නගරයේ සායනයකට ගොස් වෙනත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම් සහ මුද්‍රා කූට ලෙස ලබාගෙන තිබේ.
පසුව එය භාවිතා කර ඥාතීන් තිදෙනෙකු රෝගීන් ලෙස යොදාගෙන ව්‍යාජ බෙහෙත් වට්ටෝරුවක් නිර්මාණය කර ඇති බවට සැක කෙරේ.
ඉන් අනතුරුව යෙන් 460,000 ක් වටිනා වර්ග 44 කින් යුත් ඖෂධ පෙති 21,506 නීති විරෝධී ලෙස ලබා ගැනීම සඳහා ඔහු මෙම ව්‍යාජ බෙහෙත් වට්ටෝරුව භාවිතා කර ඇත.
කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.