Showa Sangyo සමාගමේ නිෂ්පාදන මිල ඉහළට


තෙල් සහ මේද සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යාම සහ දුර්වල යෙන් අගය මෙයට හේතුවයි.

.

Showa Sangyo සමාගම විසින් ඔලිව් තෙල් වැනි තෙල් නිෂ්පාදනවල නැව්ගත කිරීමේ ගාස්තු මාර්තු 1 වනදා සිට ඉහල දමන බව අද(11) නිවේදනය කළේය.

තෙල් සහ මේද සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යාම සහ දුර්වල යෙන් අගය මෙයට හේතුවයි.

ඒ අනුව ඔලිව් තෙල් කිලෝග්‍රෑමයක මිල යෙන් 280කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින්ද, සහල් තෙල් යෙන් 70කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින්ද, සූරියකාන්ත තෙල් යෙන් 110කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින්ද, තල තෙල් යෙන් 100කින් හෝ ඊට වැඩි ගණනකින්ද ඉහළ යනු ඇත.

මෙය 2022 ජූලි මාසයෙන් පසු තෙල් සහ මේද නිෂ්පාදන මිල ඉහළ දැමූ පළමු අවස්ථාවයි.

 

127 Views

Comments