ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ සහ පරාග අසාත්මිකතා (pollen allergies) සහිත පුද්ගලයන්ට ඇති රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන හෙයින් එවැනි රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන ලෙස උගුර කණ හා නාසය පිළිබඳ වෛද්‍යවරුන් කණ්ඩායමක් පෙන්වා දෙයි.
නාසයෙන් සොටු දියර ගැලීම, නිතර කිවිසුම් යාම, ශරීරයේ තෙහෙට්ටු ගතිය වැනි ලක්ෂණ මෙම රෝග දෙකෙහිම දැකිය හැකි හෙයින් එය නිශ්චිතව හඳුනා ගැනීමට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඒ මත ක්‍රියා කරන්නැයි ඔවුන් පවසා ඇත.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ව එය අසාත්මිකතාවය ලෙස වැරදිව වටහා ගෙන සමාජය තුළ සංසරණය වන පුද්ගලයන් හරහා ඔමික්‍රෝන් ප්‍රභේදය තව තවත් සමාජගත විය හැකි හෙයින් මෙම තත්ත්වය බරපතළ ලෙස සලකා වගකීමෙන් හැසිරෙන්න යැයි හැම වෛද්‍යවරුන් කණ්ඩායම තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා තිබේ