ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවට ලංකාවෙන් අතහිත


ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සහාය ලබාදීමට මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී තිබෙනවා.

.

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ජලාශයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ජපාන නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරිපත් කරන ලෙසත් ඉදිරියේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන බවත් ජපාන තානාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ පවසා තිබෙනවා.

එමෙන්ම ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුකරුවන් ඇතුලු තාක්ෂණික නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් ලබාදීමට හැකි බවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

76 Views

Comments