බටහිර ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 20ක් එකිනෙක ගැටේ


අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇත.

.

ඊයේ(12) දින බටහිර ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 20ක් පමණ එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ රෝහල් ගත කළ බව වාර්තා වේ.

කයිනාවා අධිවේගී මාර්ගයෙන් තදාසන්න මාර්ගයකට පිටවීමේ දොරටුව අසලදී පෙරවරු 9:45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

ගලවා ගැනීමේ සේවකයින්ට අනුව රෝහල් වෙත ගෙන ගිය අයට සුළු තුවාල සිදුවී ඇත.

තදාසන්න මාර්ගයේ මාර්ග සංඥා අසල රැඳී සිටි බර වාහනයක් ට්‍රක් රථයක ගැටීම අනතුරට හේතුව බව පොලිසිය පැවසීය.

152 Views

Comments