නිවසක සිටි කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට Hiroto Kajikawa නම් 21 හැවිරිදි පුද්ගලයෙක් මෙට්රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ කමටා පොලිස් ස්ථානය විසින් ඊයේ(13) අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(13) සවස 5.20 ට පමණ අදාළ සැකකරු තමා පුද්ගලයකු ඝාතනය කළ බවට පොලිසියට පැමිණ පාපොච්චාරණය කර ඇත.
පසුව පොලිස් නිලධාරීන් කජිකාවාගේ මහල් නිවාසය වෙත ගිය විට වයස අවුරුදු 20 ක පමණ කාන්තාවක් පපුවෙන් ලේ ගලමින් බිම වැතිර සිටියේය.
ඇය අසල තිබී පිහියක් ද සොයාගෙන ඇත.
පරීක්ෂණය අතරතුර කජිකාවා පැවසුවේ තමා හා කාන්තාව අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බවයි.