හදිසි ගොඩබෑමකට ලක් කළ Jetstar Japan Flight 501 පිළිබඳ විගණනයක් ඇරඹේ


පසුගිය දිනක බෝම්බ බියක් හේතුවෙන් ගුවන් යානය හදිසි ගොඩබෑමට ලක් කරන ලදී.

.

පසුගිය දිනක බෝම්බ බියක් හේතුවෙන් හදිසි ගොඩබෑමට ලක් කල Jetstar Japan Flight 501 පිළිබඳ විගණනයක් ආරම්භ කළ බව ඊයේ(13) දින කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය සාකච්ඡාවකදී ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍ය සයිටෝ හෙළි කළේ ය.

එම ගුවන් යානයේ මගීන් පස් දෙනෙකුට යානයෙන් පිටතට යාමේදී සීරීම් සහ තැලීම් වැනි සුළු තුවාල සිදුවිය. 

ජාතික මාර්ගෝපදේශවලට අනුව පැන යන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ගමන් මලු රැගෙන නොයන ලෙස මගීන්ට දැනුම් දිය යුතු නමුත් සමහර මගීන් ගමන් මලු රැගෙන යමින් සිටි බව ද වාර්තා වේ.

 

114 Views

Comments