Nankai අගලෙහි භූමිකම්පාවක් සිදුවීමේ සම්භාවිතාව පහළට


රජයේ භූමිකම්පා විමර්ශන කමිටුව ඊයේ(13) මේ පිලිබඳ නිවේදනය කළේ ය.

.

ඉදිරි වසර 20 තුළ Nankai අගලෙහි 8-9 පන්තියේ භූමිකම්පාවක් සිදුවීමේ සම්භාවිතාව පෙර වසරේ 60% දක්වා අඩු වී ඇති බව රජයේ භූමිකම්පා විමර්ශන කමිටුව ඊයේ(13) නිවේදනය කළේ ය.

භූමිකම්පා නොමැති කාල පරිච්ඡේදය දිගු වන තරමට වරින් වර සිදුවන භූමිකම්පා සිදුවීමේ සම්භාවිතාව වැඩි වේ.  

කාලයාගේ ඇවෑමෙන් මෙම වැඩිවීම ද සිදු වේ.  

වසර 10ක් ඇතුළත "30%ක් පමණ" සහ වසර 30ක් ඇතුළත "70-80%ක්" ලෙස තිබූ මෙම සම්භාවිතාව පිළිබඳ පෙර වසරේ තක්සේරුව නොවෙනස්ව පැවතුනි.

ඊයේ දින පැවති  මාධ්‍ය හමුවකදී කමිටුවේ සභාපති පැවසුවේ, ඕනෑම අවස්ථාවක භූමිකම්පාවක් ඇති විය හැකි බවත් සියලු දෙනා එයට සූදානම්ව සිටින ලෙසත් ය.

130 Views

Comments